in

2017 ලැජ්ජාවෙන් මිදීමට නම්? නායකයෙකු යටතේ කණ්ඩායම ගොඩනැගීම ඇරඹීමට කාලය පැමිණ තිබේ

ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ ලද   දරුණුතම පරාජයන්  ලෙස ඉන්දියාවට එරෙහිව  පළමු හා දෙවැනි 20-20 පරාජයන් සැලකිය හැකිය.

තේරීම් කමිටුවේ දුර්වලතා හා කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ දී දැක්වූ අදක්ෂතා මෙහිදී දැකගත හැකි වුවද ඒ සම්බන්ධයෙන් හුවා දැක්වීමෙන් දැන් පළක් නොවේ.

ශ්‍රී ලංකාවට අමිහිරි 2017 අමතක කිරීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබේ.

ක්‍රීඩකයන් ජයග්‍රහණයේ පිපාසයෙන් සිටින අවධියක, පරිපාලන දුර්වලතා හේතුවෙන් මේසා විශාල අපකීර්තියක් ක්‍රීඩකයන් හට හිමිවීමෙන්, ඔවුන්ගේ චිත්තධෛර්යට ඉන් සිදුවන බලපෑම සිතාගැත හැක.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ දී ජාත්‍යන්තර තරග 56 කට සහභාගීවෙමින්, තරග 14 ක් ජයගනිද්දී තරග 39ක් පරාජයට පත්වන්නේ මෑත ඉතිහාසයේ දරුණුම පසුබෑම පෙන්වමිනි.

2011 සිට 2017 දක්වා කාල පරාසයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩාකල වැඩිම තරග සංඛ්‍යාව සටහන් වන්නේ මෙම වසර තුළ දීය නමුත් දිගින් දිගටම තරග පරාජය වීම හේතුවෙන්, ක්‍රීඩකයන්ගේ මානසික පීඩනය ගැන කිසිවෙකු අවධානය යොමු කළේ දැයි සැක සහිතවේ.

ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාද වලට ලක්වීම හා ක්‍රීඩකයන් අත්තනෝමතික ලෙස වෙනස් කිරිම මගින්ද ක්‍රීඩකයන්ට උපරිම දක්ෂතා පවත්වාගැනීමේ හැකියාව නොලැබී යා හැක.

මේ දරුණු පසුබෑමට වගකිව යුත්තේ, ක්‍රීඩකයන් පමණ ද ?

ටෙස්ට්, පන්දුවාර 50 හා 20-20 තරග 56 කට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් 46 දෙනෙකු යොදාගෙන තිබේ.

ඒ, වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම හේතුවෙන්, විවේක ගැන්වීම් සිදු නොකරය.

වෙනත් රටවල්, තම ක්‍රීඩකයන්ට විවේකය ලබා දීමට කටයුතු කළ ද, දිගින් දිගටම පරාජය වන කණ්ඩායමක ප්‍රධා න ක්‍රීඩකයන් විවේක ගැන්වීමක් ගැන විශ්වාස කළ නොහැක.

මෙම ක්‍රිඩකයන් අතරින්, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, ලසිත් මාලිංග හා උපුල් තරංග පමණක් විටින් විට විවේක ගැන්වීමක් සිදුකළ ද එය උපාය මාර්ගිකව  සිදු නොකල බව නොරහසකි.

මේ අතර, විටන් විට කණ්ඩායම් නායකයන් වෙනස් කිරිම මගින් ද, කණ්ඩායමේ සාමූහිකත්වයට ඇති කර ඇති බලපෑම අති මහත්ය.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් සිය කැමැත්තෙන් නායකත්වය හැර යද්දී, තේරීම් කමිටු මාරුවෙමින් සිදු කළේ ද ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි.

පසුගිය වසර තුළ ක්‍රීඩකයන් තරග පාවාදුන් බවටද විටින් විට නොයෙක් අවලාද නැගීම් වාර්තා විය. නමුත් ්මේ  දක්වා කිසිවෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ආයතනයක් ලෙස ක්‍රිකටි ආයතනය ක්‍රියා නොකිරීමෙන් ඉහත චෝදනා, චෝදනා පමණක් වී ඇතුවා සේය.

ශ්‍රී ලංකාව යන නාමය ලෝකය වෙත ගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩාව ද අද වන විට එහි අවසන් හුස්ම හෙළමින් සිටියි.

ඇත්තේ එක් බලාපොරොත්තුවක් පමණි.

නැගිටින තුරු බලා සිටීමය.

ජාතික ධජය වෙනුවෙන් ජාතිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පාලකයන්ගේ අඩුව අද වනවිට දැකිය හැකිය.

මන්ද ක්‍රීඩකයන් සිටින්නේ පැවසිය නොහැකි කලකිරීමකිනි.

ඔවුන්ට දොස් නැගීමෙන් පළක් නොවේ.

Leave a Comment