in

නුවන් ඉතිහාසගත කරමින් රෝහිත් අපට පෙන්වූ අමිහිරි සත්‍යය

7516k.jpg

Photo

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පළමු තරගයේදී, විශිෂ්ඨ ජයක් වාර්තා කළේ ප්‍රතිවාදීන් ලකුණු 112 කට සීමා කරමිනි.

එහිදී ද මහේන්ද්‍ර සිං දෝනී අර්ධ ශතකයක් රැස්කරමින් නොසැලී පහරදුන්නේ, අද තරගයේ දී ඉන්දියානු කණ්ඩායම පෙන්වූ දක්ෂතාවට අඩිතාලමක් තබමිනි.

පළමු තරගයේ දී, ලැබූ අමිහිරි පරාජයෙන් නොසැලුනු ඉන්දියාව ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස 392 ක් කඩුලු 4 ක් දැවී රැස්කළේ ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට එළව එළවා පහර දෙමින්වේ.

පළමු තරගයේ විශිෂ්ඨයින් වූ සුරංග ලක්මාල් පන්දුවාර 8 ක දී ලකුණු 71ක් ලබා දෙද්දී, නුවන් ප්‍රදීප් පන්දුවාර 10 තුළ ලබා දුන් ලකුණු සංඛ්‍යාව 106 කි.

එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරගයක ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ. 

එසේ ම නායක තිසර පෙරේරා නැවතත් පන්දුවෙන් අසාර්ථක වූයේ පන්දුවාර 8 දී ලකුණු 80 ක් ප්‍රතිවාදීන් වෙත පූජා කරමිනි.

ශ්‍රී ලංකාව උගෙනිය යුත්ත? 

තම ආධිපත්‍යය රැකගැනීමට හා දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

වැටුණ තැනින් ගොඩ ඒමට නම්, තමන් ගැන අධිතක්සේරුවෙන් ක්‍රියාත්මක වීම නොකල යුතුය.

රෝහිත් ශර්මා (208*) දෙවැනි වරටත් ශ්‍රී ලංකාව හමුවේ ද්විත්ව ශතකයක් රැස්කරද්දී, ශිකර් ධවාන් ලකුණු 68 ක් හා දෙවැනි එක්දින තරගය ක්‍රීඩා කරන ශ්‍රෙයාර් අයියර් ලකුණු 88 ක් රැස්කළේ රෝහිත්ට හොඳ සහයෝගයක් ලබා දෙමිනි.

රෝහිත් ශර්මා එක්දින දිවියේ රැස්කළේ තෙවැනි ද්විත්ව ශතකය වේ.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලකායේ දුර්වලතා හඳුනාගැනීමට ඔවුන්ට එරෙහිව එල්ලවූ හයේ පහර 15 සෑහේ.

ඉන්දීය කණ්ඩායමෙන් ආදර්ශයක් ගෙන හෙට දවස සැලසුම් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් ලෙස සිතට ගත යුතුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේ දී, එක්දින තරගාවලියක් ජයගැනීමට මෙතෙක් අපොහොසත්ව ඇති අතර, 1997 වසරෙන් පසුව ඉන්දියාව එක්දින තරගාවලියක දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී නැත.

Leave a Comment