in

ක්‍රිකට් සම්මාන උලෙලේ ගොන් ජෝක්

පසුගියදා පැවතී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී විවිධ ක්‍රීඩකයන්ව විහිලුවට ගත් Chaminda Pusswedilla ඇතුළු මෝඩ කවටයන්ගේ මෝඩ ක්‍රියාව පිළිබඳව ක්‍රිකට් ලෝලීන් ලෙස ඔබගේ අදහස පල කරන මෙන් ඉල්ලා සිටිමි. මෙහෙදී කිව යුතු වන්නේ ජාතික වශයෙන් හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උළෙලවල් වල නොවන ආකාරයෙන් මෙලෙස අප රටේ විශිෂ්ඨ ක්‍රීඩකයන්ව විහිලුවට ලක් කිරීමට ඔවුනට ඇති සදාචාරවත් අයිතිය පිළිබඳවද ගැටළුවක් පවතී. මන්ද ක්‍රීඩකයන් මෙන් ඔවුන් තම රටට තඹ දොයිතුවක සේවයක් නොකර ඔවුනට අපහස වන පරිදි පිටපත් ලියා ඒවා රඟ දක්වමින් මෙලෙස හැසිරීම අනුමත නොහැක.

තවද එදින සුනිල් පෙරේරා හා රොනී ලිව් ඇතුළු පිරිස කෙරු රඟ දැක්වීමට හිනා ගියේ කාටදැයි තවමත් ගැටලුවකි. ඔවුන් සාම තැනකදීම කරන අකාරයෙන් ආණ්ඩුව විවේචනය කරමින් මෝඩ ගොන් පාර්ට් එකක් දැමිය. එය විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙලකි. නැතුව දේශපාලාන ගොන් පාර්ට් දමන වේදිකාවක් නොවිය. සුනිල් ඇතුළු නඩය
" මෙහෙම වෙන්නේ ඇයි" යන ගීතය වෙනස් කරමින් සෑම තැනකම කරන ලෙස මෙවැනි වැදගත් අවස්ථාවන්හි සිය ගොන් කම ප්‍රදර්ශනය කළහ.
එහෙත් ඊට වැඩිය ගොන් කම කර ඇත්තේ ඔවුනට ආරාධනය කල ගොන් බුරුවන්ය.

මෙහෙදී අප දකින්නේ අප රටේ සහා අනෙකුත් රටවල මිනිස්සු අතර වෙනසය. අප පලු යන්න බනින ඉන්දියාවේ හෝ අනෙක් රටවල සම්මාන උළෙලවල් වල වෙනස අපට මෙයින් හඳුනා ගත හැක.

ඔවුන්ට අරාධනා කිරීම ගැටළුවක් නැත. ගැටලුව ඇත්තේ ඔවුන්ගේ පිටපතේ සහා ඔවුන් සිදු කරනු ලැබූ පඩත්තල ක්‍රියාව පිළිබඳවයි. දැන් මෙය පත්තු වී හමාරය. කල යුතු සියල්ල සිදු වෙමින් පවතී. මේ රට නියම ප්රෙස්ඛකයන් ක්‍රීඩකයන්ව විහිලුවට ගැනීම අනුමත නොකරයි. මන්ද ඔවුන් සැබෑ අපේ වීරයන් වන බැවිනි. එබැවින් විය යුතු වන්නේ අනාගතයේ මෙවැනි මෝඩ ගොන් පාර්ට් මෙවැනි වැදගත් දේවල් වලට යොදා නොගැනීමයි.
ක්‍රීඩකයන් අතින් වැරදි සිදුවීමට හැකිය. එහෙත් ඒවා තැන් තැන් වල කියා කියා ඔවුනට තව තවත් අපහස කරමින් ජෝගි නැටීම ශිෂ්ඨවත් වූ සමාජයක කරන අශිෂ්ට වැඩකි.
එහෙයින් මෙහිදී ඔවුන් ප්‍රසිද්දියේ එම ක්‍රීඩකයන්ගෙන් සමාව ඇයද තම කණගාටුව එම ක්‍රීඩකයන් වෙත පුද කිරීම කලයුතු වෙ.

මම මහේෂ් මධුසංක.

Posted on behalf of Mahesh Madusanka.

Leave a Comment