in

‘කඩුලු 4යි, ඒත් මුම්බායි පිල පැරදුණේ මන් නිසා’ – ලසිත් මාලිංග

2014 අප්‍රේල් 16 වන දින පැවැත්වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් පලමු තරඟයේදී සිය කණ්ඩායම වූ මුම්බායි ඉන්දියන්ස් පිල පරාජයට පත් වූයේ තමන් නිසා බව ලසිත් මාලිංග ප්‍රකාශ කොට ඇත. මෙම ප්‍රකාශය වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වන්නේ සිය පන්දු ඕවර 4 දී ලකුණු 23ක් පමණක් ලබා දී, කඩුලු 4ක් දවා ගෙන, ඔවරයට ලකුණු 5.75ක් රඳවා තබාගත් මාලිංග මෙම ප්‍රකාශය කිරීමයි.

පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වූ තරඟවලින් අති බහුතරයක් ජයගත්තේ ඉන්දියාවයි. උදාහරණයක් වශයෙන් පසුගිය වසර 3 දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වූ එක්දින ජාත්‍යන්තර තරඟ 15න් 10ක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. තරඟ 4ක් ලංකාව ජයගෙන ඇති අතර එක් තරඟයක් සම වී ඇත. ඉන්දියාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 71.4%කි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අයි.පී.එල් තරඟාවලියට සහභාගි වීම නිසා ඉන්දීය පිතිකරුවන් මාලිංග, මෙන්ඩිස් වැනි පන්දු යවන්නන්ට පුරුදු වීම, මෙවැනි පරාජයන් ලැබීමට හේතු වූ බව විචාරකයින්ගේ මතය විය. එවැනි පරාජයන් ලංකාවට අත් වද්දී, එහි වගකීම භාර නොගත් මාලිංග අයි.පී.එල් තරඟයකදී මෙසේ පරාජය භාර ගැනීම පුදුමය දනවන්නකි. ඔස්ට්‍රේලියාවේ හොබාර්ට් හි පැවැති සී.බී. කුසලාන තරඟයකදී පන්දු වාර 36.4කින් ලකුණු 321ක් ලබා ගෙන ඉන්දියාව සාර්ථකව හඹා ගිය තරඟයේදී මාලිංග ගේ එක් ඕවරයකට විරාත් කෝලි ලකුණු 24ක් එල්ල කලද, පන්දු ඕවර 7.4කින් ලකුණු 96ක් ලබා දුන්නද(කඩුලු 1/ ලකුණු ලබා දීමේ වේගය 12.51), ලංකාව ලැබූ එම කිසිදු පරාජයකදී ලසිත් මාලිංග පරාජයට හේතුව තමන් බව පිළිගෙන නැත.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/match/518966.html

ලෝක විස්සයි විස්ස තරඟාවලිය ජයගත්තා යැයි කියා ජාතික ක්‍රීඩකයෙක් සතු සියලු වගකීම් සහ යුතුකම් වලින් මිදී ක්‍රීඩකයන්ට කටයුතු කිරීමට හැකියැයි සිතනවා නම්, එය ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සිදු කරන විශාල වරදකි. එමෙන්ම විස්සයි විස්ස තරඟාවලිය ජයගැනීමට නායකත්වය සැපයූවා යැයි කියා වසර කිහිපයක් ඉන්දියාව රටක් වශයෙන් ලංකාවට එරෙහි වද්දීත්, මුදල් හා ජනප්‍රියත්වය අරමුණු කරගනිමින් අයි.පී.එල්. යෑම, ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකිරීම, මාධ්‍යයට බැන වැදීම ආදී බාල පරපුරට දුන් වැරදි ආදර්ශයන් සියල්ලක්ම නිවැරදි වන්නේ යැයි කියා සිතන්නේ නම් එය නුවණට හුරු නොවේ.

Leave a Comment