in

අපට වැදගත් විය යුත්තේ ලංකාවේ ක්‍රිකට් ‍රැකගැනීම මිස පුද්ගලයින් ‍රැක ගැනීම නොවෙයි – අර්ජුන රණතුංග



අපට වැදගත් විය යුත්තේ ලංකාවේ ක්‍රිකට් ‍රැකගැනීම මිස පුද්ගලයින් ‍රැක ගැනීම නොවෙයි..

අපි ක්‍රීඩකයෝ හැටියට ක්‍රීඩා කරනවා..අපි ක්‍රිකට් වලින් සමුගන්නවා..අර්ජුන ආවා..ගියා..අරවින්ද ආවා ගියා..සනත් ආවා ගියා..දැන් ඉන්න ක්‍රීඩකයෝත් ක්‍රීඩා කරනවා..ඒගොල්ලොත් දවසක යනවා..නමුත් ලංකාවේ ක්‍රිකට් හැමදාම තියනවා..

අපේ ක්‍රිකට් ආරක්ෂා කිරීමේ වගකීම බලධාරීන්ටත් ක්‍රීඩකයෝ හැටියට ක්‍රීඩකයන්ටත් තියනවා..

සංගක්කාර, ජයවර්ධන අතින් වරදක් වෙලා තියනවා නම් ඒ ගැන සාකච්ඡා කරලා ඒ වැ‍රැද්ද කොහොමද හදාගන්නෙ කියන එක කතා කරාට කමක් නෑ.. ඒවගේම ක්‍රිකට් ආයතනයත් කල්පනා කරන්න ඕනේ ඒගොල්ලංගෙ අතිනුත් වරදක් වෙලා තියනවාද කියලා. මේකේ දෙපැත්තක් තියනවා..ඒ දෙපැත්තම බලලා ක්‍රියාත්මක විය යුතුයි.

Leave a Comment